Lunar Occultation of Saturn on 24th July, 2024
A rare astronomical event, the Lunar Occultation of Saturn, will be visible to Sri Lankans just after midnight on July 24th, 2024 (starting at approximately 00:50 am on 25th July, 2024). You can observe this event with the naked eye by looking at the Moon starting around 00:40 am on July 25th. If you have a telescope or a pair of binoculars, you may be able to observe the occultation (the disappearance and reappearance of Saturn) more clearly.
In an occultation, one celestial body passes in front of another, blocking its view. When the Moon moves in front of Saturn, obscuring it from view on Earth, this event is known as the lunar occultation of Saturn. The Moon will obscure Saturn for approximately one hour and twenty minutes, and this phenomenon will only be visible from certain regions on Earth. In Sri Lanka, the time and duration of visibility for this event will slightly differ by location, as detailed on the table.
The next similar lunar occultation of Saturn visible from Sri Lanka will be on April 24th, 2037.
City | Ingress | Egress |
Colombo | 00:51 | 02:08 |
Jaffna | 00:57 | 02:12 |
Vavniya | 00:55 | 02:12 |
Ampara | 00:54 | 02:13 |
Trincomalee | 00:56 | 02:14 |
Anuradhapura | 00:54 | 02:11 |
Puttlam | 00:53 | 02:10 |
Kandy | 00:52 | 02:11 |
Badulla | 00:52 | 02:11 |
Balangoda | 00:51 | 02:10 |
Matara | 00:49 | 02:08 |
2024 ජූලි 24 වන දින සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය
දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය 2024 ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් පසුව (2024 ජූලි 25 වැනි දින පෙ.ව. 00:50 ට පමණ ආරම්භ වී) ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇත. ජූලි 25 වැනිදා පෙරවරු 00.40 ට පමණ සඳ දෙස බැලීමෙන් මෙම සංසිද්ධිය ඔබට පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකිය. ඔබ සතුව දුරේක්ෂයක් හෝ දුරදක්නයක් තිබේ නම්, ඔබට මෙම සංසිද්ධිය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත.
එක් ආකාශ වස්තුවක් තවත් ආකාශ වස්තුවක් ඉදිරියෙන් ගමන් කිරීම නිසා එහි දර්ශනය අවහිර වීමෙන් මෙවන් සංසිද්ධියක් සිදුවේ. චන්ද්‍රයා සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්, ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතින අතර මෙම සංසිද්ධිය පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට පමණක් දැකගත හැකිය. ශ්‍රී ලංකා විවිධ ප්‍රදේශවලට මෙම සිදුවීම දර්ශනය වන වේලාවන් සුළු වශයෙන් වෙනස් වන අතර එම වේලාවන් වගුවේ දක්වා ඇත. නැවත වරක් මෙම සංසිද්ධිය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2037 අප්‍රේල් 24 වැනිදාය.
නගරය | ආවරණය වීම | නිරාවරණය වීම |
කොළඹ | 00:51 | 02:08 |
යාපනය | 00:57 | 02:12 |
වව්නියාව | 00:55 | 02:12 |
අම්පාර | 00:54 | 02:13 |
ත්‍රිකුණාමලය | 00:56 | 02:14 |
අනුරාධපුර | 00:54 | 02:11 |
පුත්තලම | 00:53 | 02:10 |
මහනුවර | 00:52 | 02:11 |
බදුල්ල | 00:52 | 02:11 |
බලංගොඩ | 00:51 | 02:10 |
මාතර | 00:49 | 02:08 |
I want to participate to night camping