ලෝක ග්‍රාහක දින සැමරුම් වැඩසටහනක් ආතර් සී.ක්ලාක් ආයතනයේදී Posted on July 20, 2023July 20, 2023 by admin සෑම වසරකම ජූනි 30 වන දිනය ලෝක ග්‍රාහක දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට ඇති අතර ආතර් සී.ක්ලාක් ආයතනය ද වාර්ෂිකව මෙම දිනය සමරමින් විවිධ තේමාවන් යටතේ වැඩසටහන් පවත්වනු ලබයි.2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක මෙම ග්‍රාහක සැමරුම් වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාව ද දායක වී ඇති අතර මෙවර “දුරස්ථ සන්නිවේදනය භාවිතයෙන් ග්‍රහලෝක අධ්‍යනය” (Plantery Remote Sensing)තේමා කරගනිමින් විශේෂ දේශනයක් සහිත ප්‍රයෝගික වැඩමුළුවක් ආතර් සී.ක්ලාක් ආයතනයේ දී පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි භෞතික විද්‍යාව හදාරන සිසුන් සහභාගී කරගනිමින් පැවති මෙම ග්‍රාහක දින සැමරුම් වැඩසටහනට, ප්‍රයෝගික යෙදීම් ද සහිත විශේෂ දේශනයක් ඇතුළත් වූ අතර එය අවසානයේ සහතික පතක් ද ලබා දීමට ආතර් සී.ක්ලාක් ආයතනය කටයුතු කරන ලදී. මෙම වැඩසටහන ඇමරිකාවේ විස්කොසින් -මිල්වෞකි විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලාංකික විද්‍යාඥ ආචාර්ය ගයන්ත කොඩිකාර මහතා විසින් පවත්වන ලද අතර මෙහි දී නාසා විද්‍යාඥයින් වර්තමානයේ සඳ සහ අඟහරු ග්‍රහලෝකය පිළිබඳව සිදු කරන ආර්ටිමිස් ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘතීන් පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් ද සිදුකරන ලදී.