A C C I M T
Arthur C Clarke Institute for Modern Technologies
Arthur C Clarke Institute for Modern Technologies
https://learn.zoom.us/j/
Meeting ID: 637 8333 9331
Passcode: $RK#U6wy
~තිරසාර අනාගතයක් සදහා විද්‍යාව, දේශීයත්වය කැටිකරගත් ගෝලීය ප‍්‍රවණතා~
2022 – 11 – 11 (සවස 3.00 සිට 6.00 දක්වා)
දෙශන පිළිබද කෙටි හැදින්වීමක්
අභ්‍යවකාශ කාලගුණය සහ පෘථිවිය මත එහි බලපෑම- (සවස 4.00 සිට 5.00 දක්වා)
මහාචාර්ය චන්දන ජයරත්න
නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති
අභ්‍යවකාශ කාලගුණය (Space Weather) යන්නෙන් අදහස් කරන්නේ අභ්‍යවකාශයේ සහ පෘථිවිය මත මත පදනම් වූ චන්ද්‍රිකා ඇතුළු තාක්ෂණික පද්ධතිවල ක්‍රියාකාරීත්වයට සහ විශ්වසනීයත්වයට බලපෑම් කළ හැකි, සහ මිනිස් ජීවිතයට හෝ සෞඛ්‍යයට අනතුරක් කළ හැකි, අභ්‍යවකාශයේ තත්ත්වයන් ය. අභ්‍යවකාශ කාලගුණය යනු පෘථිවියට ආසන්න අභ්‍යවකාශයේ හෝ සූර්යයාගේ වායුගෝලයේ සිට පෘථිවි වායුගෝලයට ඇති අවකාශයේ පාරිසරික තත්ත්වයන් වෙනස් කිරීමේ සංකල්පයයි. මෙය අභ්‍යවකාශ විද්‍යාවේ සහ තාරකා විද්‍යාවේ ඉතා නව ශාඛාවකි. අපේ ග්‍රහලෝකයට අභ්‍යවකාශ කාලගුණයේ බලපෑම පුරෝකථනය කිරීම සඳහා විද්‍යාඥයින් පෘථිවි චුම්බක ක්ෂේත්‍රය, සූර්යයා සහ සූර්ය සුළඟ නිරීක්ෂණය කරයි.
නැනෝ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබද හැදින්වීම – (සවස 3.00 සිට 4.00 දක්වා)
ජයකමල් අබේසේකර
පර්යේෂණ ඉංජිනේරු – ආතර් සී ක්ලක් ආයතනය
නැනෝ චන්ද්‍රිකා තාක්ෂණයේ මූලික හැදින්වීම, එයින් රටකට ඇති ප්‍රතිලාභ සහ ශ්‍රී ලංකාව නිපදවූ ප්‍රථම නැනෝ චන්ද්‍රිකාව වන “රාවනා -1“ චන්ද්‍රිකාව පිළිබද හැදින්වීම.
තාරකා විද්‍යාව පිළිබඳ දේශනය – (සවස 5.00 සිට 6.00 දක්වා)
ඉන්දික මැදගන්ගොඩ
තාරකා විද්‍යාව පිළිබද ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ – ආතර් සී ක්ලක් ආයතනය
තාරක විද්‍යාව ට ඔබ යොමුවෙන්නේ කෙසේද , තාරකා විද්‍යා දැනුම වැඩි දියුණු කරගැනීමට ආතර් සි ක්ලාර්ක් ආයතනයෙන් ඔබට ලබාගත හැක්කේ මොනවද , නිරීක්ෂණ තාරකා විද්‍යාව පිළිබදව සහ තාරකා විද්‍යත්මක පර්යේෂණ පිළිබද තොරතුරු