විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීම හා තොරතුරු බෙදාහැරීම

ආතර් සී ක්ලාක්  ආයතනට පැමිණෙන  අධ්‍යාපනික  කණ්ඩායම්

පාසල් දරුවන් අතර  විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමේ අරමුණින්  ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ,තාක්ෂණික දායකත්වයන් මෙන්ම ආයතනයේ  සේවාවන් හඳුන්වාදීම හා  ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය යොදාගනිමින් සිදුකරන තාරකා විද්‍යාත්මක  ආදර්ශනයන් ඇතුළත් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙවැනි වැඩසටහන් සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ආරක්ෂක අංශ වල  පුහුණු කණ්ඩායම්,විශ්ව විද්‍යාල සිසුන්, තාක්ෂණික ආයතන වල පුහුණුවන්නන් ,විද්‍යා පීඨ වල ආධුනික ගුරුභවතුන්, ජාතික අධ්‍යාපන ආයතනය මඟින් යොමු කරනු ලබන ගුරුභවතුන්  ආදී කණ්ඩායම් සඳහා ද සිදු කරනු ලබන අතර පසුගිය 2022 වසරේ මේ යටතේ දැනුවත් කළ පිරිස  1000 ට අධික වේ.

ජාතික ආරක්ෂක විද්‍යායතනය මඟින් සංවිධානය කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරීන් වෙනුවෙන් ආතර් සී ක්ලාක් ආයතනයේ සම්පත් දායකත්වයෙන්  පැවැත්වූ වැඩසටහනක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *