ආතර් සී. ක්ලාක් ආයතනයේ ජාතික විද්‍යා දින විශේෂ සැමරුම් වැඩසටහන Posted on November 16, 2022February 2, 2023 by admin ජාතික විද්‍යා දිනය නොවැම්බර් 10 දිනට යෙදෙන අතර එයට සමගාමීව ආතර් සී.ක්ලාක් ආයතනය මඟින් විද්‍යා ගුරුභවතුන් හා පාසල් දරුවන් වෙනුවෙන් “තිරසාර ආනාගතයක් සඳහා විද්‍යාව,දේශීයත්වය කැටි කරගත් ගෝලීය ප්‍රවණතා” යන්න තේමා කර ගත් විශේෂ වැඩසටහනක් නොවැම්බර් 11 දින ආතර් සී.ක්ලාක් ආයතනයේදී පැවැත්විණි. ඒ යටතේ නැනෝ චන්ද්‍රිකා තාක්ෂණය, අභ්‍යවකාශ කාලගුණය සහ පෘථිවිය මත එහි බලපෑම්, තාරකා විද්‍යාව ආදී අංශ තේමා කරගත් දේශන හා ලංකාවේ විශාලතම දුරේක්ෂය භාවිතා කරමින් අහස් නිරීක්ෂණ වැඩසටහන නොවැම්බර් 11 දින පස්වරු 03 සිට රාත්‍රීය දක්වා පැවැත්වූ අතර මෙහි දේශන වෙබිනාර් තාක්ෂණය ඔස්සේ දිවයින පුරා විකාශය කෙරිණි. විද්‍යා ගුරුභවතුන් හා පාසල් දරුවන් වෙනුවෙන් පැවැති මෙම වැඩසටහනෙහි දේශන ලෙස “අභ්‍යවකාශ කාලගුණය සහ පෘථිවිය මත එහි බලපෑම්” මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් ද , “නැනෝ චන්ද්‍රිකා තාක්ෂණය” පිළිබඳව පර්යේෂණ ඉංජිනේරු ජයකමල් අබේසේකර මහතා විසින්ද, “තාරකා විද්‍යාව” පිළිබඳව ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා විසින්ද පවත්වනු ලැබූ අතර මෙම වැඩසටහන සඳහා ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු ,ආචාර්ය සනත් පනාවැන්නගේ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.