A C C I M T
Arthur C Clarke Institute for Modern Technologies
Arthur C Clarke Institute for Modern Technologies
නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය (ACCIMT) විසින් දැනට රටේ ක්‍රියාත්මක වන Covid 19 ව්‍යාප්තිය අවම කිරීමේ කටයුතු සඳහා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර ඇත. ආයතනය විසින් ලබාදිය හැකි තාක්‍ෂණික දායකත්වය සම්බන්දයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ වෛද්‍ය වෘත්තිකයන් සමඟ ආතර් සී ආයතනය සිදුකල සාකච්ඡාවේදී අවශ්‍යතාවන්ට අනුකූලව එම තාක්‍ෂණික විසඳුම් හඳුනාගන්නා ලදී.
එම තාක්ෂණික දායකත්වයන් කිහිපයක් පහත දැක්වේ.
Covid 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සම්බන්ධ ප්‍රධාන රෝහල්වලින් ලැබෙන ඉල්ලීම් සපුරාලීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. වෛද්‍ය කාර්යමණ්ඩල රෝගීන් හෝ අසාධිත යැයි සැකසිහත පුද්ගලයින්ගේ පරීක්ෂණ සාම්පල ලබාගැනීමේදී භෞතිකව රෝගීන් හා ස්පර්ෂවීමේ අවධානම අවම කිරීම මෙයින් සිදුවේ. ආයතනය විසින් නිපදවන ලද පළමු ඒකකය IDH රෝහලට අප්‍රේල් මස 07 දින ප්‍රේාර්යමණ්ඩල රෝගීන් හෝ අසාධිකලබාදුන් අතර තවත් ඒකක පහක් තවදුරටත් වැඩිදියුනුකොට ශ්‍රී ජයවර්ධනපුර, මුල්ලේරියාව සහ හෝමගම යන රෝහල් සඳහා අප්‍රේල් මස 22-26 දින පරාසය තුල ලබාදෙන ලදී. මෙමගින් අදාල කාර්යය සිදුකරගැනීමට එම රෝහල්වලට වඩාත් පහසුවී ඇත.
මෙම කුටි ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ඇතුළු අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩල විසින් ලබාගන්නා ආකාරය මෙන්ම කුටියක් භාවිතාකරන අයුරු පහත ජායාරූප වලින් දැක්වේ.
රාගම සහ ශ්‍රී ජයවර්ධනපුර යන රෝහල් වලින් ලැබුන ඉල්ලීම් පදනම් කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. Covid 19 යනු ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් වන අතර, එක් එක් පුද්ගලයින් විසින් ඒ සඳහා පූර්වාරක්ෂක ක්‍රම අනුගමනය නොකිරීම තුලින්, විශේෂයෙන් සංවෘත කාමර පරිසරයක් තුල වාතයෙන් සම්ප්‍රේෂණය වීමේ වැඩි අවධානමක් පවතී. යෝජිත පද්ධතිය මගින් දැඩි සත්කාර ඒකකය තුල ඇති වාතය ඉවත්කර නැවුම් වාතය ලබාදීමේ ක්‍රියාවලිය, අදාළ සංවේදක සහ අතිරේක ඉලෙක්ට්‍රොනික පරිපථ සහ වේගවත් කේන්ද්‍රාපසාරී වායු ධාරා ආධාරයෙන් සිදුකරයි. තවද මෙම පද්ධතිය මගින් වායුගෝලයට වාතය එක්කිරීමට පෙර විෂබීජ හරණය කොට පෙරීමේ ක්‍රියාවලියකට ලක්කරයි. මෙම පද්ධති නිර්මාණය අවසන් කොට ඇති අතර, අවශ්‍යතාවයක් ඇති රොහල් ඉල්ලීම් අනුව නිෂ්පාදනය සහ සවිකිරීම සිදුකල හැක.
කොළඹ කොට්ඨශ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, ආතර් සී ක්ලාක් ආයතනය මගින් Covid 19 ට අදාලව ආයතන වෙත නිකුත්කර ඇති මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා පහසුකම් සැලසීම සඳහා ජංගම දුරකථන යෙදුමක් සකස් කර ඇත.
එසේම මෙම ජංගම දුරකථන යෙදුම හරහා ලබාගත් දත්ත භාවිතා කරමින් වාර්තා ජනනය කලහැකි අතරම, මෙහි මූලික පරීක්ෂණ කොළඹ සෞඛ්‍ය සේවා කළාප අධ්‍යක්ෂ කාර්යාලය හා සම්බන්ධිතව සිදුවේ. දැනට ක්‍රියාත්මක වන මූලික පරීක්ෂණ වලින් අනතුරුව මෙම ජංගම දුරකථන යෙදුම අවශ්‍යතාවය අනුව රටතුල භාවිතය සඳහා සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදීමට ආයතනය සූදානමින් සිටී.
Covid-19 පරීක්ෂණ සඳහා දැනට භාවිතා කරන RT-PCR පරීක්ෂණ කට්ටලයට විකල්පයක් ලෙස අඩු පිරිවැයක්, සාපේක්ෂව වේගවත් ප්‍රතිචාරයක් සහ වැඩි නම්‍යතාවයක් සහිත පහසුවෙන් භාවිතාකල හැකි උපකරණයක් සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැදගත් ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. මෙම නව ක්‍රමවේදය RT-PCR ක්‍රමවේදයට සමාන වන අතර, අනුවර්ත වෛරස් DNA ප්‍රතික්‍රියා කිරීම සඳහා තාප චක්‍රය භාවිතා කිරීම වෙනුවට යෝජිත ක්‍රියාවලිය නියත උෂ්ණත්ව පරාසයක් භාවිතා කරයි.
මෙය ආතර් සී ක්ලාක් ආයතනය සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ බාහිර විශේෂඥයෙකුගේ සහභාගීත්වය යටතේ ඒකබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකවේ.
ආතර් සී ක්ලාක් ආයතනය දෝෂ සහිත PCR පරීක්ෂණ පද්ධති, වෛද්‍ය වාතාශ්‍ර උපකරණ වැනි රෝහල් උපකරණ ඇතුළු අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ අළුත්වැඩියාකිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා ඉතා දක්ෂ හා කැපවීමෙන් කටයුතු කරන එහි තාක්ෂණ කාර්ය මණ්ඩලයේ සේවය, අවශ්‍යතාවය මත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදීමට වැඩසටහනක් සකස් කොට ඇත.
අප විසින් නිර්මාණය කරන ලද විද්යුත් පාළන පරිපථයක් භාවිතා කරමින් දැනට පවතින රෝහල් ඇඳන් ස්වයංක්‍රීයකරණය කිරීමේ හැකියාව පවතින අතර, මෙමගින් රෝගීන් හැසිරවීම රෝහල් කාර්ය මණ්ඩලයට පහසු කරයි.
සේවාදායකයෙකුගෙන් ලැබුණු ඉල්ලීමක් මත පදනම්ව, ආතර් සී ක්ලාක් ආයතනය විසින් ඉතා කාර්යක්ෂම අයුරින් කර්මාන්තශාලා සහ අනෙකුත් සේවා ස්ථානවල සේවකයින්ගේ ශරීර උෂ්ණත්වය බැලීම සඳහා වෙළඳපොලේ ඇති අඩු වියදම් උෂ්ණත්වමානයක් අනුවර්තනය කිරීමෙන් නව පද්ධතියක් සකස් කර ඇත.