නව නිපැයුම්කරුවන් සඳහා ඉලෙක්ට්‍රොනික වැඩමුළුවක් ආතර් සී ක්ලාක් ආයතනයේදී
Posted on by admin
නව නිපැයුම්කරුවන්ගේ ඉලෙක්ට්‍රොනික දැනුම වර්ධනය කිරීමේ අරමුණින් නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනයේ ඉලෙක්ට්‍රොනික අංශයේ සම්පත් දායකත්වයෙන් සංවිධානය කළ තෙදින ඉලෙක්ට්‍රොනික වැඩමුළුවක් 2022 නොවැම්බර් මස 01,02 සහ 03 වන දිනයන්හි නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනයේ දී පැවැත්විණි.
ඉලෙක්ට්‍රොනික දැනුම අවශ්‍ය නව නිපැයුම්කරුවන් තෝරා ගනිමින් හා මුල්‍ය දායකත්වයද සපයමින් ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සංවිධානය කළ මෙම පළමු ඉලෙක්ට්‍රොනික වැඩමුළුව සඳහා නව නිපැයුම්කරුවන් 15 දෙනෙකු සහභාගී වූ අතර 2023 වසරේද මෙවැනි පාඨමාලා සංවිධානය කිරීම ඉලක්කගත වේ.
මෙම පාඨමාලාවන් සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන නව නිපැයුම්කරුවන් ,ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසමට සම්බන්ධ වීමෙන් සහභාගිවීමේ අවස්ථාවක් ලබාගත හැක.













