පාසල් ගුරුභාවතුන් සඳහා ඉලෙක්ට්‍රොනික සහ පරිගණක දෘඪාංග පිළිබඳ වැඩමුළු මාලාවක් ආතර් සී.ක්ලාක් ආයතනයේ දී Posted on June 21, 2023June 22, 2023 by admin ශ්‍රී ලංකාවේ දිවයින පුරා විසිරී ඇති අධ්‍යාපන කළාප නියෝජනය වන පරිදි පාසල් ගුරුභවතුන්ගේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක දෘඪාංග පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ තෙදින බැගින් වූ වැඩමුළු මාලාවක් පැවැත්වීම නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේදී පසුගිය දා ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කළාප 99 ම ආවරණය වන පරිදි එක් අධ්‍යාපන කළාපයකින් පරිගණක තාක්ෂණය පිළිබඳ යම් දැනුමක් සහිත ගුරුභවතුන් 5 දෙනා බැගින් තෝරාගෙන ආතර් සී.ක්ලාක් ආයතනයේ ප්‍රවීන ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් යටතේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ලබා දීම මෙම වැඩමුළු මාලාවේ අරමුණයි. රජය මඟින් සෑම ජාතික පාසලක් සඳහාම පරිගණක විද්‍යාගාරයක් ලබා දී ඇති අතර අනෙකුත් පාසල් වල ද පරිගණක ඒකක පවතී. මෙම පාසල් වල පරිගණක විශාල ප්‍රමාණයක් පවතින අතර ඒවා පාසල් දරුවන් භාවිතයේ දී විවිධ දෝෂයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් පවතී. මෙම පරිගණක දෝෂ එම විදුහල් වල ගුරුභවතුන් විසින්ම හඳුනාගෙන නැවත යථා තත්වයට පත් කර ගැනීම මෙම වැඩමුළු මඟින් බලාපොරොත්තු වේ.පාසැල් දරුවන්ගේ පරිගණක දැනුම ඉහළ නැංවීම අරමුණින් ක්‍රියාත්මක මෙම ඉලෙක්ට්‍රොනික සහ පරිගණක දෘඪාංග පිළිබඳ පාසැල් ගුරුභවතුන් පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව සඳහා මුල්‍යමය හා සම්බන්ධීකරණ දායකත්වය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදුකරන අතර සම්පත් දායකත්වය ආතර් සී.ක්ලාක් ආයතනයේ ඉලෙක්ට්‍රොනික අංශය මඟින් සිදු කෙරේ. පලමු වැඩමුළුව දෙවැනි වැඩමුළුව