technology_transfer_Over_vision

අපගේ නෛතික

සන්නිවේදන හා ආශ්‍රිත විද්‍යා, තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, අභ්‍යවකාශ තාක්ෂණ, රොබෝ විද්‍යාව, ෆොටොනික්ස් හා ශ්‍රී ලංකාවට වැදගත්කමක් ඇති නව ද්‍රව්‍ය ආදී නවීන තාක්ෂණයන් අදාල කිරීමෙහි ලා පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආරම්භකිරීමෙන්, ප්‍රවර්ධනය කිරීමෙන් හා පවත්වාගෙන යා‍මෙන් එම තාක්ෂණයන් හඳුන්වාදීම වේගවත් කිරීම.

ඉහත තාක්ෂණයන් යෙදවීමෙහි ලා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් සඳහා පර්යේෂණ සහ සංවර්ධන සහාය ලබා දීම.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම්හී අවශ්‍යතා සඳහා ඉහත තාක්ෂණයන්හී පිරිස් පුහුණුව

අනාගත අධ්‍යයන ප්‍රවර්ධනය කිරීම

ඉතිහාසය

මෙම ආයතනය, සන්නිවේදන, පරිගණක, බලශක්ති , අභ්‍යවකාශ තාක්ෂණ හා රොබෝ තාක්ෂණ යන ක්ෂේත්‍රයන්හි නව තාක්ෂණය හඳුන්වා දීම හා සංවර්ධන ක්‍රියාවලිය පුහුණු හා පර්යේෂණ පහසුකම් සැපයීම හරහා වේගවත් කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් මගින් නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යයස්ථානය (ACCMT) නමින් 1984 දී ස්ථාපිත කරන ලදී. මූලික යටිතල පහසුකම් 1986 දී ස්ථාපිත කරන ලද අතර, තාක්ෂණික කටයුතු ආරම්භ කරන ලද්දේ 1987 මුල්භාගයේදීය. 1998 දී නව විද්‍යා හා තාක්ෂණ පනත හඳුන්වාදීමත් සමඟ නවීන තාක්ෂණ සඳහා ආතර් සී ක්ලාක් ආයතනය ( ACCIMT ) ලෙස නැවත නම් කරන ලද.

අද

ඉංජිනේරුවන්, විද්‍යාඥයින් සහ වෙනත් වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකට ස්වාධීනව කටයුතු කළහැකි ක්ෂේත්‍රයන් වන සන්නිවේදන, ඉලෙක්ට්‍රොනික, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, අභ්‍යවකාශ යෙදවුම් සහ තොරතුරු තාක්ෂණ යන නවීන තාක්ෂණයන් යන ක්ෂේත්‍රයන්හී ආයතනය අද වනවිට ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී.

පුළුල් පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම් වලට අමතරව, අඛණ්ඩ වෘත්තීය සංවර්ධන (CPD) කටයුතු හා තරුණ පුහුණු වැඩසටහන් හි ආයතනය බෙහෙවින් නිරතවෙමින් සිටී. කර්මාන්ත සඳහා උපදේශන සේවාවනට අමතරව, කාර්මික යෙදවුම් සඳහා ඉලෙක්ට්‍රොනික, සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අංශයන්ගේ විශේෂඥතාවය ඇතිව නිෂ්පාදන, පද්ධතීන් හා තාක්ෂණයන් දියුණු කිරීමට හැකි යටිතල පහසුකම් හා මානව සම්පත් ආයතනය සතුව ඇත.

වත්මන් සේවා
  • පර්යේෂණ හා සංවර්ධන
  • අඛණ්ඩ වෘත්තිය සංවර්ධන වැඩසටහන්

  • උපදේශන සේවා / කාර්මික සහායයන්

  • තරුණ පිරීස් සඳහා පුහුණු

  • පුස්තකාල / තොරතුරු සේවා

පර්යේෂණ හා සංවර්ධන

ඉලෙක්ට්‍රොනික, සන්නිවේදන හා ක්ෂුද්‍ර සකසන පාදක කොටගත් දෘඩාංග ආශ්‍රිතව ව්‍යව්‍යාරික පර්යේෂණ සහ නිෂ්පාදන සංවර්ධන කටයුතු සඳහා සහායවන ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන විද්‍යාගාර, ඉතා උසස් නවීන උපකරණ හා පරිගණක පද්ධති වලින් සමන්විතය. දැනට ආයතනය දේශීය නිෂ්පාදකයින්ගේ උසස් තාක්ෂණික නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, රජය සහ පෞද්ගලික යන දෙඅංශයන්ගෙන් ඉල්ලුම් සහිත විවිධ පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ. මෙම ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායම ජාත්‍යන්තරව තරඟකාරී නිර්මාණ සහ සංවර්ධන කටයුතු උදෙසා ඉතා කැපවීමෙන් කටයුතු කරයි.

අඛණ්ඩ වෘත්තීය සංවර්ධන ( අඛණ්ඩ වෘත්තීය සංවර්ධන ) වැඩසටහන්

කලින් කලට ආයතනය වෘත්තිකයන් සහ දේශීය කර්මාන්ත ක්ෂේත්රයේ සේවය කරන ජ්යෙෂ්ඨ කළමනාකරුවන් සඳහා උසස් තාක්ෂණික පුහුණු වැඩසටහන් නිවේදනය කරයි . මෙම කෙටි කාලීන පුහුණු වැඩසටහන් ක්ෂුද විද ත් අයදුම්පත් , සන්නිවේදනය, දුරස්ථ සංෙව්දන සහ තොරතුරු පද්ධති සහ පරිගණක පද්ධති සම්බන්ධ විෂය ක්ෂේත්රවල වඩාත් යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමේ වරම් හිමි කර ඇත. මෙම කෙටි කාලීන පාඨමාලා අත් මත සැසි සාධාරණ අංගයක් ඇත.

උපදේශක සේවා / කර්මාන්ත සඳහා සහාය

උසස් තාක්ෂණික කාර්මික පද්ධති කළමණාකරනය හා සේවාලබාදීමට ආයතනයේ වෘත්තීය කාර්ය මණ්ඩලය තම විශේෂඥ දැනුම හා රසායනාගාර පහසුකම් දේශීය කර්මාන්ත ලබාදෙනුයේ ක්ෂුද්‍ර සකසන මත පාදකවූ යන්ත්‍රෝපකරණ, විදුලි සංදේශ පද්ධති, තොරතුරු පද්ධති සහ පරිගණක ජාල ආදිය වැනි නවීන කාර්මික පද්ධති කළමණාකරනයට සහායවීමේ අදහසිනි. තවද, ආයතනයේ කාර්මික සේවා අංශය නවීන උපකරණ සඳහා ගැටලු නිශ්චය හා ක්‍රමාංකන සේවා ලබා දෙයි.

තරුණ පිරිස් සඳහා පුහුණු වැඩසටහන්

තරුණ පරම්පරාවේ කුසලතාවන් සංවර්ධනයට උපකාර කිරීම සඳහා, ආයතනය ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු මෙන්ම අනෙකුත් නවීන මාතෘකා සම්බන්ධ පුහුණු වැඩසටහන් සපයයි. මෙම වැඩසටහන් සමහර දේශීය / විදේශීය සහයෝගීතා සඳහා අනෙකුත් කාර්මික ආයතන සමග එක්ව පවත්වනු ලැබේ.

ජපාන රජය විසින් පරිත්‍යාග කරනු ලැබූ සෙ.මී. 45 කැසග්රේන් පරාවර්තක දුරේක්ෂයේ කටයුතු අරඹමින් ආයතනය පාසල් ළමුන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් තාරකා විද්‍යාව පුහුණු වැඩසටහන දියත් කර ඇත. මෙම වැඩසටහන තාරකා විද්‍යාව පිළිබඳ දේශන හා ප්‍රායෝගික නිරීක්ෂණ සැසි මගින් ආවරණය කරයි.

ආයතනයේ පුස්තකාලය / තොරතුරු සේවා

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයනයන්හි තීරණ ගන්නන් සහ තාක්ෂණික හා තාක්ෂණික නොවන වෘත්තිකයන්ට නවතම විද්‍යාත්මක හා තාක්ෂණික තොරතුරු ප්‍රෙව්ශයට වර්තමානයේ ඇති ඉල්ලුම සපුරාලීම සඳහා ආයතනය විසින් හඳුන්වා දී ඇත්තේ පුස්තකාල ආයතනික සාමාජිකත්වයයි.

දේශීය හා විදේශීය සබඳතා

ආතර් සී ක්ලාක් ආයතනය දේශීය විශ්වවිද්‍යාල සමග ඉතා සමීපව කටයුතු කරන අතර, විශේෂයෙන් මොරටුව විශ්ව විද්‍යයාලය සහ අනෙකුත් කාර්මික ආයතන මේ අතරවේ. විදේශ විශ්වවිද්‍යාල මෙන්ම එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන ආදිය සමඟ සමීපව සම්බන්ධව ඇත්තේ දැනට සැලකිල්ලට භාජනය වන සහයෝගීතා වැඩසටහන් කිහිපයක් යටතේය.