2016 අගෝස්තු 12 වන දින උච්චත්වයට පැමිණෙන “ ප්‍රරේස්ඩ්” (Perseid Meteor Shower) උල්කාපාත වර්ෂාව

01

“ ප්‍රරේස්ඩ්” නමින් හදුන්වන උල්කාපාත වර්ෂාවක් ජුලි 13 සිට අගෝස්තු 26 දක්වා ක්‍රියාකාරී වන අතර එහි උපරිම ක්‍රියාකාරී අවස්ථාව අගෝස්තු 12 වන දින සිදු වනු ඇතැයි විද්‍යාඥයින් අනාවැකි පළ කර තිබේ. හන්ට්ස්විල් හි පිහිටා ඇති නාසා ආයතනයට අයත් උල්කාෂ්ම පරිසර කාර්යාලයේ තාරකා විද්‍යාඥ බිල් කුක් මහතාගේ  අනාවැකියට අනුව අගෝස්තු 12 වන දින රාත්‍රියේ සිට අගෝස්තු 13 වන දින අලුයම පැයකට උල්කාෂ්ම 200ක් පමණ දැකගැනීමේ අවස්ථාව උදා වේ. මෙම “ ප්‍රරේස්ඩ්” උල්කාපාත වර්ෂාව සිදු වන්නේ අපේ පෘථිවිය  “Swift-Tittle” නැමති වල්ගා තරුව ගමන් ගන්නා කක්ෂීය පථය හරහා ගමන් ගන්නා අවස්ථාවේදීය.

02

උල්කාපාත සහ උල්කාෂ්ම

සෞරග්‍රහමණ්ඩලය ග්‍රහලෝක නිමවුමෙදී ඉතිරි වූ ග්‍රාහක ද්‍රව්‍ය වලින් පිරී ඇති අතර, ඒවා  විශ්වය හරහා ගමන් කිරීමේදී පෘථිවියේ ගුරුත්වාකර්ශනයට නතු වීමෙන් මෙම ග්‍රාහක කොටස් වායු ගෝලයට ඇතුල් වීමේදී ඇතිවන ගැටීම හේතුවෙන් ගිනි ගන්නා අතර මේවා උල්කාපාත ලෙස හැදින්වේ.මෙවැනි උල්කාපාත රාශියක් ඇතිවන විට මේ උල්කාපාත වර්ෂාවක් ලෙස හැදින්වේ.

උල්කාපාත වර්ෂා

“ shooting stars” ලෙසින් හදුන්වන  උල්කාෂ්ම සහ උල්කාපාත බොහෝ විට සාමාන්‍යයෙන් පියවි ඇසට  දර්ශනය වන අතර පැහැදිලි රාත්‍රී අහස දෙස බලන ඕනෑම කෙනෙකුට  එම උල්කාෂ්ම සහ උල්කාපාත  වලින් නික්මෙන  ආලෝක ධාරාවන් ඊතල මෙන් පෘතුවිය කරා  පැමිණෙනු දැක ගත හැකිවේ. මෙම උල්කාෂ්ම ඉහල වායුගෝලයේ සිට පැයට කිලෝමීටර 15 ක පමණ වේගයෙන් පෘතුවිය කරා ගමන් කර තත්පරයකටත් වඩා අඩු කාලයකදී එහි සළකුණු මැකී යයි.පෘථිවියට පැමිණෙන මෙම උල්කාපාත 100 Km පමණ පෘථිවියට  ඉහලින් පවතින වායුගෝලයේ ඝට්ටනය වීමෙන් දැවී පිලිස්සී යයි.

උල්කාපාත සහ උල්කාෂ්ම ඕනෑම කාලයකදී දැකිය හැකි වුවද ඒවා නැරඹීම සඳහා සුදුසුම කාලය වන්නේ උල්කාපාත වර්ෂාවන් බහුලව සිදුවන  අතරතුර කාලයයි. මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම එකම කාලයක් තුළ දර්ශනය වන්නේ පෘතුවිය ධුමකේතු වලින් ඉතිරි වන දුවිලි ධාරා තුලින් ගමන් කරන අවස්ථාවලදීය. වර්ෂයකට උල්කාපාත වර්ෂා 20 ක් පමණ දැකගත හැකි වුවද විනාඩියකට උල්කාපාත 50 කට ආසන්න ප්‍රමාණයක් දැකගත හැකි වන්නේ ඉන් කිහිපයකදී පමණි.

උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන ආකාරය

උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීම සඳහා කිසිඳු විශේෂ උපකරණයක් හෝ තාරකා මණ්ඩල පිලිබඳ දැනුමක් අවශ්‍ය නොවේ. නිරීක්ෂණය සඳහා අඳුරු මෙන්ම විවෘත අහස පෙදෙසක් තෝරා ගන්න. මෙම උල්කාෂ්ම බොහෝ තාරකා  සහ විවිධ දිශාවන් හරහා ගමන් කරන නිසා විවෘත අහස පෙදෙසක් නිරීක්ෂණ කටයුතු සඳහා  අවශ්‍ය වේ. පුළුල් ක්ෂේත්‍ර කාච සහිත කැමරා උපයෝගී කරගනිමින් මෙම “ ප්‍රරේස්ඩ්” උල්කාපාත වර්ෂාව ඡායාරුපගත කිරීමට මෙහිදී කදිම අවස්ථාවක් උදා වේ.

03 04