ජාත්‍යන්තර ජල රොකට් තරඟාවලිය මෙවර ඉන්දියාවේ බැංගලෝර් නුවරදී…

වාර්ෂිකව පවත්වනු ලබන ආසියා ශාන්තිකර කලාපීය ජලරොකට් තරඟාවලිය මෙවර ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන්  තරඟකරුවන් ඉදිරිපත් කිරීම සිදු කරනු ලබන්නේ නවීන තාක්ෂණ පිලිබඳ ආතර් සී ක්ලාක් ආයතනය විසිනි.

ශ්‍රී ලංකාව 2005 වසරේ සිට මෙම තරඟාවලියට සහභාගී වන අතර 2005 වසරේ ජපානයේ පැවති තරඟයෙන් 3 වන ස්ථානයත් 2009 වසරේ තායිලන්තයේ පැවතී තරඟයෙන් 4 සහ 5 වන ස්ථානයත් 2015 වසරේ ඉන්දුනීසියාවේ පැවතී තරඟයෙන් 2 ස්ථානයත් දිනා ගැනීමට හැකි වීම සුවිශේෂීත්වයකි.

ශ්‍රී ලංකාව තුළ අභ්‍යවකාශ සහ තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමේ අරමුණින් නවීන තාක්ෂණ පිලිබඳ ආතර් සී ක්ලාක් ආයතනය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් අතර මෙම වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවති ජලරොකට්  තරඟයෙන් මුල් ස්ථාන පහ  දිනා ගත් සිසුන් පිළිවෙලින් පහත පරිදි වේ.

  • පළමු ස්ථානය -සයුරි වරංගනා විද්‍යාරත්න- මහනුවර මහමායා බාලිකා විද්‍යාලය.
  • දෙවන ස්ථානය -කේ.ජී.යසිත් දිල්සර – වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය.
  • තුන්වන ස්ථානය -එස්.ආර්.එම්.තීක්ෂණා විභුති- කළුතර බාලිකා විද්‍යාලය.
  • සිව්වන ස්ථානය-සමීෂා පසන්යා මහගමගේ – බදුල්ල විහාරමහා දේවි බාලිකා විද්‍යාලය.
  • පස්වන ස්ථානය – අබ්දුල් කාදර් මොහොමඩ් දුෂාම්-ගින්තොට ප්‍රථමික විද්‍යාලය.

එයින් ප්‍රථම ස්ථානය දිනාගත් මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ සයුරි වරංගනා ශිෂ්‍යාවට ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර ජලරොකට් තරඟයට නොමිලේ සහභාගී වීමේ අවස්ථාව උදා වේ.