Category Archives: පුවත් සහ සිදුවීම්

ලෝක විද්‍යා දින සහ ජාතික විද්‍යා සතිය සැමරුම් පා ගමන-2017

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය ලෝක විද්‍යා දිනය සහ ජාතික විද්‍යා සතිය “ගෝලීය අවබෝධය සඳහා විද්‍යාව” ලෙස නම්කර සැමරුම් වැඩසටහන් රැසක් පැවැත්වූ අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ පා ගමනක් 2017.11.11 දින කොළඹ 07 කාර්මික තාක්ෂණ ආයතනය ඉදිරිපිට සිට විහාරමහාදේවි උද්‍යානය දක්වා පැවැත්විණි.

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ සහ විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති  එම පාගමන සඳහා අමාත්‍යංශය යටතේ ඇති ආයතන නියෝජනය කරමින් ප්‍රදර්ශන රථ පෙළක් සහ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්විය.එම පා ගමනේ දසුන් කිහිපයක් මෙහි දැක්වේ.

ජාත්‍යන්තර ජල රොකට් තරඟාවලිය මෙවර ඉන්දියාවේ බැංගලෝර් නුවරදී…

වාර්ෂිකව පවත්වනු ලබන ආසියා ශාන්තිකර කලාපීය ජලරොකට් තරඟාවලිය මෙවර ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන්  තරඟකරුවන් ඉදිරිපත් කිරීම සිදු කරනු ලබන්නේ නවීන තාක්ෂණ පිලිබඳ ආතර් සී ක්ලාක් ආයතනය විසිනි.

ශ්‍රී ලංකාව 2005 වසරේ සිට මෙම තරඟාවලියට සහභාගී වන අතර 2005 වසරේ ජපානයේ පැවති තරඟයෙන් 3 වන ස්ථානයත් 2009 වසරේ තායිලන්තයේ පැවතී තරඟයෙන් 4 සහ 5 වන ස්ථානයත් 2015 වසරේ ඉන්දුනීසියාවේ පැවතී තරඟයෙන් 2 ස්ථානයත් දිනා ගැනීමට හැකි වීම සුවිශේෂීත්වයකි.

ශ්‍රී ලංකාව තුළ අභ්‍යවකාශ සහ තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමේ අරමුණින් නවීන තාක්ෂණ පිලිබඳ ආතර් සී ක්ලාක් ආයතනය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් අතර මෙම වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවති ජලරොකට්  තරඟයෙන් මුල් ස්ථාන පහ  දිනා ගත් සිසුන් පිළිවෙලින් පහත පරිදි වේ.

  • පළමු ස්ථානය -සයුරි වරංගනා විද්‍යාරත්න- මහනුවර මහමායා බාලිකා විද්‍යාලය.
  • දෙවන ස්ථානය -කේ.ජී.යසිත් දිල්සර – වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය.
  • තුන්වන ස්ථානය -එස්.ආර්.එම්.තීක්ෂණා විභුති- කළුතර බාලිකා විද්‍යාලය.
  • සිව්වන ස්ථානය-සමීෂා පසන්යා මහගමගේ – බදුල්ල විහාරමහා දේවි බාලිකා විද්‍යාලය.
  • පස්වන ස්ථානය – අබ්දුල් කාදර් මොහොමඩ් දුෂාම්-ගින්තොට ප්‍රථමික විද්‍යාලය.

එයින් ප්‍රථම ස්ථානය දිනාගත් මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ සයුරි වරංගනා ශිෂ්‍යාවට ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර ජලරොකට් තරඟයට නොමිලේ සහභාගී වීමේ අවස්ථාව උදා වේ.

ලෝක ග්‍රහක දින වැඩමුළුව

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ජුනි 30 දින “ලෝක ග්‍රහක දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම වැදගත් දිනය සමරමින් විශේෂ දේශන,වැඩමුළු,චිත්‍රපට දර්ශන ඇතුළු විශේෂ සැමරුම් වැඩසටහනක් පසුගියදා ආතර් සී ක්ලාක් ආයතනයේදී පැවැත්වුණි.

1908  ජුනි 30  දින සයිබීරියාවේ ටුංගුස්කා  ප්‍රදේශයට  කඩා වැටුණු ග්‍රහකයක් මගින් සිදු වූ විනාශය සමරනු වස් ජුනි 30 වන දින මෙලෙස නම් කර ඇත.මෙයට වසර මිලියන 65කට පමණ පෙර කිලෝමීටර 10ක ප්‍රමාණයේ ග්‍රහකයක් මෙක්සිකෝවේ චක්ෂුබි ප්‍රදේශයට කඩා වැටීමෙන් සිදු වූ මහා ව්‍යසනයෙන් එකළ පෘථිවියේ වාසය කළ ඩයිනොසරයන් පෘථිවියෙන් සම්පුර්ණයෙන්ම වඳ විය.මෑතකදී එනම් 2013 පෙබරවාරි මස 15  වන දින රුසියාවේ වෙලබනීසක් නගරයේදී අහසේ විනාශ වූ මීටර්  20 පමණ කුඩා ග්‍රහකයෙන් පුද්ගලයන් 1500 කට පමණ තුවාල සිදු විය.මෙලෙස පෘථිවියට තර්ජනයක් ලෙස පවතින විශාල ග්‍රහක ප්‍රමාණයක් අභ්‍යවකාශයේ පවතින අතර දැනට සොයාගෙන ඇත්තේ මින් අතලොස්සක් පමණි.පෘථිවිය හා ගැටීමේ අවධානමක් ඇති ග්‍රහකයන් දුරේක්ෂය මගින් නිරීක්ෂණය කළ විට එම ග්‍රහකයේ ගමන් මග වෙනස් කිරීම සඳහා කිසියම් වැඩ පිළිවෙලක් දියත් කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වේ. එම නිසා එවැනි ග්‍රහක කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත්ය. ජුනි 30 ලෝක ග්‍රහක දිනය වශයෙන් ප්‍රකාශයට පත්කිරීම තුලින් මහජනතාව මේ පිලිබඳව මනා දැනුවත් කිරීම මෙම සමරු වැඩසටහනේ අපේක්ෂාවයි.

මෙම විශේෂ වැඩමුළුවේදී  ඇමරිකාවේ සෞරග්‍රහ විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය  නලීන් සමරසිංහ මහතා විසින් skype  තාක්ෂණය ඔස්සේ  ඇමරිකාවේ  සිට ප්‍රධාන දේශනය  පවත්වන ලදී. එතුමාගේ දේශනයෙන් පසු පාසල් දරුවන් සහ ගුරුභවතුන්ගේ ප්‍රශ්න රැසකට එතුමා පිළිතුරු  ඇමරිකාවේ සිට සපයන ලදී.    කොළඹ විශ්වවිද්‍යාලයේ  භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් පැවැත්වූ දේශනයේදී යකඩ වර්ගයේ ග්‍රහක කොටස්,    පාෂාණ  වර්ගයේ ග්‍රහක කොටස්,යකඩ සහ පාෂාණ මිශ්‍ර ග්‍රහක ආදී රැසක් පරීක්ෂා කිරීමේ අවස්ථාව පාසල් දරුවන්ට උදා විය. පසුව  ආතර්  සී ක්ලාක් ආයතනයේ විද්‍යාඥයන්  විසින් කෘතිමව ග්‍රහක නිර්මාණය කිරීම,ග්‍රහක කොටස් පොළොවට වැටීමෙන් ආවාට සෑදෙන අයුරු නිරීක්ෂණය කිරීම ආදී ආදර්ශ ඉදිරිපත් කරමින්  ප්‍රයෝගික වැඩමුළුවක්ද පැවැත්විණි  . මෙම වැඩමුළුවට සමගාමීව පාසල් දරුවන්ගේ “ලෝක ග්‍රහක දිනය” තේමා කරගත් චිත්‍ර ප්‍රදර්ශනයක් ද පවත්වන ලදී. එම වැඩමුළුවේ අවස්ථා කීපයක් පහත ඡායාරුප වලින් දැක්වේ.

ශ්‍රමදානය

වෙසක් සතියට සමගාමීව ආතර් සී ක්ලාක් ආයතනයේ සුභ සාධක සමිතියෙන් සංවිදානය කළ අයිස්ක්‍රීම් දන්සැල

වෙසක් ධර්ම දේශණය දා…….

ආතර් සී ක්ලාක් ශ්‍රිමතාණන් ගේ 9 වන ගුණානුස්මරණය නිමිත්තෙන් හා සම්බුදු තෙමගුල නිමිත්තෙන් සුමදුර ධර්ම දේශණයක්, ආතර් සී ක්ලාක් ආයතනයේ දී පසුගියදා පැවැත්විනි.

ආතර් සී ක්ලාක් ආයතනයේ සුභ සාධක සමිතිය මගින් සංවිධානය කල මෙම ධර්ම දේශණය කළුතර කල්‍යාණ ධර්මාශ්‍රමාධිපති පානදුරේ ධම්මානන්ද හිමියන් විසින් පැවැත්වූ අතර මේ සඳහා ආතර් සී ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා ඇතුළු සේවක මහත්ම මහත්මීන් සහභාගී වීය.

ආතර් සී ක්ලාක් ශ්‍රීමතාණන්ගේ 09 වන ගුණ සමරුවට ලේ දන් දීමේ පිංකමක්

ආතර් සී ක්ලාක් ශ්‍රීමතාණන්ගේ 09 වන ගුණ සමරුව නිමිත්තෙන් ආතර් සී ක්ලාක් ආයතනයේ සුභසාධක සමිතිය මඟින් සංවිධානය කරන ලේ දන් දීමේ පිංකමක් පසුගියදා ආතර් සී ක්ලාක් ආයතන පරිශ්‍රයේදී පැවැත්විනි.