Category Archives: News and Events

DSC_1246

21 වන සියවසේ දිර්ඝතම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීම තන්තිරිමලේදී.

පූර්ණ චන්ද්‍රග්‍රහණයක්, නැරඹීමේ විරල අවස්ථාවක් ශ්‍රී ලංකා වාසීන්ට 2018 ජුලි මස 27 වන පොහෝ දින වූදා වු අතර එය රා.ත්‍රී 10.45ට ආරම්භ වී ජුලි 28 වන දින අලුයම 4.58 දක්වා පැවතුණි. ආතර් සී ක්ලාක් ආයතනය මගින් මෙම විරල චන්ද්‍රග්‍රහණය නවීන දුරේක්ෂ අධාරයෙන් නිරීක්ෂණය කිරීමේ කඳවුර තන්තිරිමලේ, ඇලයාපත්තුවේදී සිදු කළ අතර එහි අවස්ථා මෙහි දැක්වේ.

1-604x185

The LONGEST TOTAL LUNAR ECLIPSE VISIBLE TO SRI LANKA – 27th JULY 2018

1

(The next similar total lunar eclipse visible to us will be on 07th September, 2025)

The longest total lunar eclipse of the 21st century will be visible to Sri Lanka on 27th July 2018 starting from 10:44 pm onwards. A lunar eclipse occurs when the moon passes through the shadow of the Earth. Being an extended light source the Sun casts the shadow of the earth onto earth’s atmosphere and onto the space with two parts, namely Umbra and Penumbra. A total lunar eclipse occurs when the entire moon passes through the Earth’s umbra. A partial lunar eclipse happens when a portion of the moon traverses the umbra. A penumbral lunar eclipse occurs when the Moon passes through Earth’s penumbra.

img

 

 

 

 

The orbit of the moon around the earth is an eclipse and when the moon is near the apogee, the farthest point of its orbit from the earth, the speed of the moon is the slowest.  During 27th July, 2018 eclipse the moon will be very close to apogee. Therefore, moon will take long duration to travel through the earth shadow and make this eclipse the longest in the century.

 

The totality of the eclipse will last for 1 hour and 43 minutes, take 03 hours and 54 minutes for umbral eclipse and 06 hours and 13 minutes for penumbral eclipse.

Timings of the eclipse for Sri Lanka
P1 = 22: 44:49
U1 = 23:54:27
U2 = 01:00:15
Greatest = 01:52:54
U3 = 02:43:12
U4 = 03:49:00
P4 = 04:58:37
Untitled-1
clipse Durations
Penumbral = 06h13m48s
Umbra l =03h54m32s
Totality =01h42m57s

 

Brightness and Color of Total Lunar Eclipses

The brightness and the color of a total lunar eclipse vary a lot from eclipse to eclipse depending on the amount of dust, water and other particles present in the earth atmosphere, during the time of the eclipse. These constituents reduce the amount of sunlight and filter out some colors in the sun light going in to the shadow of the earth. This makes a total lunar eclipse appearing in different brightness (nearly invisible) and colors such as hues of orange, through deep red, dark brown or dark grey.

The following scheme introduced by a French astronomer Andre-Louis Danjon, is used to determine the brightness of a total lunar eclipse.

4

 

One can assign a ‘L’ value to a lunar eclipse observing its totality by naked eye or a small telescope.

Why not capture this spectacular lunar eclipse on your camera!

waterrocket 2018 image1

ජාතික ජල පීඩන රොකට් තරගාවලිය-2018

මෙවර සිංගප්පුරුවේදී පැවැත්වීමට නියමිත  ජල පීඩන රොකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික දරුවන් තෝරා ගැනීමේ ජාතික තරඟය පසු ගිය දා මොරටුව විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි. මේ සඳහා ආතර් සී ක්ලාක් ආයතනයේ ලියාපදිංචි පාසල් ,තාරකා  විද්‍යා සංගම්  නියෝජනය කරමින් පාසල් තරඟකරුවන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර,එයින් ප්‍රථම ස්ථානයේ  සිට සය වන ස්ථානය තෙක් දිනා  ගත් තරග කරුවන් පහත දැක්වේ.

Name school
01 Mr. Chathura Nirmal Ranasinghe Somadevi Maha Vidyalaya,Sewanagala
02 Mr. S.M.T.S.B.Samarakoon Ahaliyagoda Madhya Maha Vidyalaya,Ahaliyagoda
03 Mr. W.Tharusha Dilhara de Silva G/Ginthota Secondary School,Ginthota
04 Mr. C.M.A.K.Chandrasekara Kakirawa Central College,Kakirawa
05 Miss. M.W.Tharinsa Thiyamini Sangamiththa Balika Vidyalaya,Galle
06 Mr. P.D.Isuru Dhanjaya Bombuwala Maha Vidyalaya,Kaluthara
asteroid day 2018 image11

ලෝක ග්‍රාහක දින සැමරුම් වැඩසටහනක් ආතර් සී ක්ලාක් ආයතනයේදී

සෑම වසරකම ජුනි මස 30 වන දින ලෝක ග්‍රාහක දිනය ලෙස නම් කර ඇති අතර මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පෘථිවියට ග්‍රහක හෝ ධූමකේතු වලින් ඇතිවන බලපෑම් මෙයින් වසර මිලියන 65ක් පමණ ඈත අතීතයේ සිට වාර්තා වී ඇත. ක්‍රෙටේසීය යුගය අවසන් කර පෙලියෝපින් යුගයේ ආරම්භය සිදුවීම තවමත් විද්‍යාත්මක අභිරහසක් වන නමුත් ඒ සඳහා පෘථිවියට ආගන්තුක ලෙස පැමිණි ඉතා විශාල ගල් කැබැල්ලක් හෝ ධූමකේතුවක් හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙක්සිකෝවේ පිහිටි විෂ්කම්භය කිලෝමීටර 180 වන චෙක්සුලබි (Chicxulub) ආවාටය වසර මිලියන 65 පමණ වයස වීමත් ඩයිනෝසරයන් වඳවීම සමඟ යම් කිසි සැසඳීමක් පෙන්නුම් කරයි. ඒ අනුව ඩයිනෝසරයන්ගේ වඳවීම උල්කාපාතයක් හෝ ධූමකේතුවක් පෘථිවිය සමඟ ඝට්ටනය වීමෙන් වූවා යැයි යන මතය බැහැර කල නොහැක.

දෙවනුව මිනිසා ද? මිනිසාටත් මෙම ඉරණම අත්වේ ද? ඩයිනෝසරයන් හා සමඟ සසඳන කල මිනිසා සිටින්නේ විද්‍යාව සහ තාක්ෂණය අතින් අති අද්විතීය ස්ථානයකය. උල්කාපාත සහ ධූමකේතු ගැන අප දන්නා කරුණු බොහෝ වුවත් එමඟින් ඇති විය හැකි ව්‍යවසනය දෙන බලන විට අප සියලු දෙනා මේ පිළිබඳව යම් තාක් දුරට දැනුවත් වී සිටිය යුතුය.

මේ පිළිබඳ දැනුවත් වීමේ වැදගත්කම නිසා 2014 සිට සෑම වසරකම ජූනි 30වැනි දින ලෝක ග්‍රහක දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කර ඇත.මෙම දිනය ග්‍රහක දිනය ලෙස යොදා ගැනීමට හේතු වී ඇත්තේ 1908 ජූනි 30 වෙනි දින රුසියාවේ සයිබීරියා ප්‍රාන්තයේ තුම්ගුස්කා (Tunguska) ප්‍රදේශයට කඩාවැටුණු මීටර් 60ක පමණ උල්කාපාතයෙන් සිදුවූ විනාශයයි.

මෑත කාලයේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කල ග්‍රහක විශාල ප්‍රමාණයක් වාර්තා විය. මෙයට හේතුව වර්තමානයේ මෙම ග්‍රහක නිරීක්ෂණය කර ඒවායේ ගමන් මග නිවරැදිව නිගමනය කල හැකි තාක්ෂණය සහ ඒ සඳහා ස්ථාපිත කර ඇති පෘථිවි මධ්‍යස්ථාන වේ. ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටි කැටලිනා අහස නිරීක්ෂණ මධ්‍යස්ථානය (Catelina Sky Survey) ග්‍රහක අනාවරණය සහ නිරීක්ෂණයට වෙන්වූ නිරීක්ෂණාගාරයකි. පසුගිය මැයි මස 15 වන දින 2010 WC9 ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර 203000 ක් දුරින් ඇදී ගියේය. මෙහි විශාලත්වය මීටර 60 – 130 ක් පමණ වූ අතර මෙය 1908 තුම්ගුස්කා (Tunguska) උල්කාපාතයට වඩා විශාල විය. මෙවැනිම තවත් සිද්ධියක් 2018 අප්‍රෙල් 15 වන දින වාර්තා විය. 2018 GE3 නම් වූ ග්‍රහකය පෘථිවියට ආසන්නව ගමන් කිරීමට දිනකට ප්‍රථම සොයාගත් අතර පෘථීවියේ සිට කිලෝ මීටර 192200 ක් දුරින්,එනම් පෘථිවිය සහ චන්ද්‍රයා අතර දුරින් අඩක් පමණ දුරකින් ගමන් කර ඇත. මෙම ග්‍රහකයේ විශාලත්වයද මීටර 48 – 110 ත් පමණ විය.මෙම සිද්ධියෙන් පෙනී යන්නේ කෙතරම් තාක්ෂණය දියුණු වුවත් කෙතරම් නිරීක්ෂණාගාර තිබුණත් අපට නොදැනී ග්‍රහක පෘථිවියට ළඟා වී මනුෂ්‍ය වර්ගයාට තර්ජනයක් විය හැකි බව නොවේද?

නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය 2018 ජුනි 30 දිනට යෙදෙන ලෝක ග්‍රාහක දින සැමරුම් වැඩසටහනක් පසු ගිය දා පැවැත්වුණි.ඒ සඳහා පාසල් දරුවන් සහ ගුරු භවතුන් සහභාගී වූ අතර එහි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

image4

ජාතික ජල රොකට් තරගාවලිය-2018 සඳහා වැඩමුළුවක්

ආසියා -ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ තාක්ෂණ සංසදය  වාර්ෂික සංවිධානය කරන ජල රොකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් තරඟකරුවන් ඉදිරිපත් කිරිම සඳහා වන වැඩමුළුවක් පසුගිය දා ආතර් සී ක්ලාක් ආයතනයේදී  පැවැත්විණි.

මේ දක්වා එම තරඟය ජපානය,ඉන්දුනීසියාව,ඉන්දියාව,වියට්නාමය, ආදී රටවල් කිහිපයක දී පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව 2005 වසරේ සිට අඛණ්ඩව එම තරඟාවලියට සහභාගී වෙමින් ජයග්‍රහණය කිහිපයක් ලබා ගැනීමට සමත් වී තිබේ.

එයින් 2017 වසරේ ඉන්දියාවේ පැවති  ජල රොකට් තරඟයෙන් ලොව ප්‍රථම ස්ථානය දිනා  ගැනීමට සමත් වීම අභිමානවත් ජයග්‍රහණයක් වන අතර 2018 වර්ෂය සඳහා මෙවර ජල රොකට් තරඟාවලිය සිංගප්පුරුවේ දී පැවැත්වීමට නියමිත ය.

DSC_0335

2018 වැඩ වසර ඇරඹීම..

image19

Launching of The Science Fiction “ The Last Apple”

Launching of The Science Fiction “ The Last Apple”  written by Pro. P.A.De Silva on 100 th Birth Anniversary of Sir Arthur C Clark held at Arthur C Clark Institute recently.