All posts by ACCIMT

waterrocket 2018 image1

ජාතික ජල පීඩන රොකට් තරගාවලිය-2018

මෙවර සිංගප්පුරුවේදී පැවැත්වීමට නියමිත  ජල පීඩන රොකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික දරුවන් තෝරා ගැනීමේ ජාතික තරඟය පසු ගිය දා මොරටුව විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි. මේ සඳහා ආතර් සී ක්ලාක් ආයතනයේ ලියාපදිංචි පාසල් ,තාරකා  විද්‍යා සංගම්  නියෝජනය කරමින් පාසල් තරඟකරුවන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර,එයින් ප්‍රථම ස්ථානයේ  සිට සය වන ස්ථානය තෙක් දිනා  ගත් තරග කරුවන් පහත දැක්වේ.

Name school
01 Mr. Chathura Nirmal Ranasinghe Somadevi Maha Vidyalaya,Sewanagala
02 Mr. S.M.T.S.B.Samarakoon Ahaliyagoda Madhya Maha Vidyalaya,Ahaliyagoda
03 Mr. W.Tharusha Dilhara de Silva G/Ginthota Secondary School,Ginthota
04 Mr. C.M.A.K.Chandrasekara Kakirawa Central College,Kakirawa
05 Miss. M.W.Tharinsa Thiyamini Sangamiththa Balika Vidyalaya,Galle
06 Mr. P.D.Isuru Dhanjaya Bombuwala Maha Vidyalaya,Kaluthara
asteroid day 2018 image11

ලෝක ග්‍රාහක දින සැමරුම් වැඩසටහනක් ආතර් සී ක්ලාක් ආයතනයේදී

සෑම වසරකම ජුනි මස 30 වන දින ලෝක ග්‍රාහක දිනය ලෙස නම් කර ඇති අතර මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පෘථිවියට ග්‍රහක හෝ ධූමකේතු වලින් ඇතිවන බලපෑම් මෙයින් වසර මිලියන 65ක් පමණ ඈත අතීතයේ සිට වාර්තා වී ඇත. ක්‍රෙටේසීය යුගය අවසන් කර පෙලියෝපින් යුගයේ ආරම්භය සිදුවීම තවමත් විද්‍යාත්මක අභිරහසක් වන නමුත් ඒ සඳහා පෘථිවියට ආගන්තුක ලෙස පැමිණි ඉතා විශාල ගල් කැබැල්ලක් හෝ ධූමකේතුවක් හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙක්සිකෝවේ පිහිටි විෂ්කම්භය කිලෝමීටර 180 වන චෙක්සුලබි (Chicxulub) ආවාටය වසර මිලියන 65 පමණ වයස වීමත් ඩයිනෝසරයන් වඳවීම සමඟ යම් කිසි සැසඳීමක් පෙන්නුම් කරයි. ඒ අනුව ඩයිනෝසරයන්ගේ වඳවීම උල්කාපාතයක් හෝ ධූමකේතුවක් පෘථිවිය සමඟ ඝට්ටනය වීමෙන් වූවා යැයි යන මතය බැහැර කල නොහැක.

දෙවනුව මිනිසා ද? මිනිසාටත් මෙම ඉරණම අත්වේ ද? ඩයිනෝසරයන් හා සමඟ සසඳන කල මිනිසා සිටින්නේ විද්‍යාව සහ තාක්ෂණය අතින් අති අද්විතීය ස්ථානයකය. උල්කාපාත සහ ධූමකේතු ගැන අප දන්නා කරුණු බොහෝ වුවත් එමඟින් ඇති විය හැකි ව්‍යවසනය දෙන බලන විට අප සියලු දෙනා මේ පිළිබඳව යම් තාක් දුරට දැනුවත් වී සිටිය යුතුය.

මේ පිළිබඳ දැනුවත් වීමේ වැදගත්කම නිසා 2014 සිට සෑම වසරකම ජූනි 30වැනි දින ලෝක ග්‍රහක දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කර ඇත.මෙම දිනය ග්‍රහක දිනය ලෙස යොදා ගැනීමට හේතු වී ඇත්තේ 1908 ජූනි 30 වෙනි දින රුසියාවේ සයිබීරියා ප්‍රාන්තයේ තුම්ගුස්කා (Tunguska) ප්‍රදේශයට කඩාවැටුණු මීටර් 60ක පමණ උල්කාපාතයෙන් සිදුවූ විනාශයයි.

මෑත කාලයේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කල ග්‍රහක විශාල ප්‍රමාණයක් වාර්තා විය. මෙයට හේතුව වර්තමානයේ මෙම ග්‍රහක නිරීක්ෂණය කර ඒවායේ ගමන් මග නිවරැදිව නිගමනය කල හැකි තාක්ෂණය සහ ඒ සඳහා ස්ථාපිත කර ඇති පෘථිවි මධ්‍යස්ථාන වේ. ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටි කැටලිනා අහස නිරීක්ෂණ මධ්‍යස්ථානය (Catelina Sky Survey) ග්‍රහක අනාවරණය සහ නිරීක්ෂණයට වෙන්වූ නිරීක්ෂණාගාරයකි. පසුගිය මැයි මස 15 වන දින 2010 WC9 ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර 203000 ක් දුරින් ඇදී ගියේය. මෙහි විශාලත්වය මීටර 60 – 130 ක් පමණ වූ අතර මෙය 1908 තුම්ගුස්කා (Tunguska) උල්කාපාතයට වඩා විශාල විය. මෙවැනිම තවත් සිද්ධියක් 2018 අප්‍රෙල් 15 වන දින වාර්තා විය. 2018 GE3 නම් වූ ග්‍රහකය පෘථිවියට ආසන්නව ගමන් කිරීමට දිනකට ප්‍රථම සොයාගත් අතර පෘථීවියේ සිට කිලෝ මීටර 192200 ක් දුරින්,එනම් පෘථිවිය සහ චන්ද්‍රයා අතර දුරින් අඩක් පමණ දුරකින් ගමන් කර ඇත. මෙම ග්‍රහකයේ විශාලත්වයද මීටර 48 – 110 ත් පමණ විය.මෙම සිද්ධියෙන් පෙනී යන්නේ කෙතරම් තාක්ෂණය දියුණු වුවත් කෙතරම් නිරීක්ෂණාගාර තිබුණත් අපට නොදැනී ග්‍රහක පෘථිවියට ළඟා වී මනුෂ්‍ය වර්ගයාට තර්ජනයක් විය හැකි බව නොවේද?

නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය 2018 ජුනි 30 දිනට යෙදෙන ලෝක ග්‍රාහක දින සැමරුම් වැඩසටහනක් පසු ගිය දා පැවැත්වුණි.ඒ සඳහා පාසල් දරුවන් සහ ගුරු භවතුන් සහභාගී වූ අතර එහි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

image4

ජාතික ජල රොකට් තරගාවලිය-2018 සඳහා වැඩමුළුවක්

ආසියා -ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ තාක්ෂණ සංසදය  වාර්ෂික සංවිධානය කරන ජල රොකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් තරඟකරුවන් ඉදිරිපත් කිරිම සඳහා වන වැඩමුළුවක් පසුගිය දා ආතර් සී ක්ලාක් ආයතනයේදී  පැවැත්විණි.

මේ දක්වා එම තරඟය ජපානය,ඉන්දුනීසියාව,ඉන්දියාව,වියට්නාමය, ආදී රටවල් කිහිපයක දී පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව 2005 වසරේ සිට අඛණ්ඩව එම තරඟාවලියට සහභාගී වෙමින් ජයග්‍රහණය කිහිපයක් ලබා ගැනීමට සමත් වී තිබේ.

එයින් 2017 වසරේ ඉන්දියාවේ පැවති  ජල රොකට් තරඟයෙන් ලොව ප්‍රථම ස්ථානය දිනා  ගැනීමට සමත් වීම අභිමානවත් ජයග්‍රහණයක් වන අතර 2018 වර්ෂය සඳහා මෙවර ජල රොකට් තරඟාවලිය සිංගප්පුරුවේ දී පැවැත්වීමට නියමිත ය.

image10

පැළ සිටුවීමේ වැඩසටහන ආතර් සී ක්ලාක් ආයතනය

ලෝක පරිසර දිනය ජුනි මස 05  වන දිනට යෙදෙන අතර ඒ නිමිත්තෙන් ආතර් සී ක්ලාක් ආයතන පරිශ්‍රයේ සිදු කළ පැළ සිටුවීමේ වැඩසටහනේ අවස්ථා කීපයක් මෙහි දෙක්වේ.

blood donation 2017 02 09 image15

ආතර් සී ක්ලාක් ආයතනයේ සුබසාධක සමිතිය සංවිධානය කළ ලේ දන්දීමේ පින්කමක්

image2

ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාගේ ඡායාරුපයක් නිරාවරණය කිරීම

සුප්‍රසිද්ධ නිර්මාණ ශිල්පී නිහාල් සඟබෝ ඩයස් විසින් සිතුවම් කරන ලද  ශ්‍රී ලංකාභිමාන්‍ය ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මැතිදුන්ගේ රුවෙහි ප්‍රතිමුර්තියක් නිරාවරණය කිරීම ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය ධම්මික තන්ත්‍රිගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආතර් සී ක්ලාක් ආයතනයේදී පසුගියදා සිදු කෙරුණි.

එම අවස්ථාවට ආතර් සී ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්/ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සනත් පනාවැන්නගේ, ආතර් සී ක්ලාක් ආයතනයේ පාලක මණ්ඩලයේ මහත්ම මහත්මීන් ඇතුළු  ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සහභාගී වූ  අවස්ථාව මෙහි දැක්වේ.

image14

මියුරු ගී සැදෑව 2017

ආතර් සී ක්ලාක් ආයතනයේ සුභසාධක සමිතිය විසින් සංවිධානය කළ මහා කළා මංගල්‍යය මියුරු ගී සැදෑව 2017 හි අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.